top of page

වව්නියා මණ්‌ඩපයේ මහවිරු සංහිඳියාව

  • E.T.B media network unit
  • Nov 30, 2017
  • 2 min read

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වව්නියාව මණ්‌ඩපය දින නියමයකින් තොරව වසා දැමීමට එහි උපකුලපතිතුමා තීරණය කර ඇත. වව්නියාව මණ්‌ඩපය දින නියමයකින් තොරව වසා දැමුණේ උණ රෝගය හා පාචනය පැතිරෙන නිසා නොවේ. ඊනියා සහජීවනයේ තරම හොඳින් ප්‍රකට වන නිසාය. මහවිරු සැමරුම වව්නියාව මණ්‌ඩපයේදී ද පැවැත්විණි. ප්‍රභාකරන් නමැති ත්‍රස්‌තවාදියාගේ උපන්දිනය වෙනුවෙන් කේක්‌ කපා ඒ කේක්‌ බලහත්කාරයෙන් සිංහල සිසුන්ටත් කැවීමේ උත්සාහයක්‌ නිසා එම පීඨයේ උණුසුම්කාරී වාතාවරණයක්‌ ඇති විය. මෙහිදී ඇතිවූ ආරවුල නිසා සිංහල සිසුන් විශ්වවිද්‍යාලයෙන් බැහැරව ආරක්‌ෂාව පතා වෙනත් ස්‌ථාන කරා ගිය බව මාධ්‍යවල සඳහන් විය. ඊනියා මහවිරු සමරුවෙන්ම කොටි හිතවාදීන්ගේ සහජීවනය මනාව අවබෝධ විය. මේවා පාලනයට රජය පියවරක්‌ නොගන්නේ මන්ද? දකුණේ විශ්වවිද්‍යාලයකදී සිංහල සිසු පිරිසකගේ අඩම්තේට්‌ටම්වලට උතුරේ දෙමළ සිසුන් ලක්‌වූවා නම් සිදුවන්නේ කුමක්‌ද? එවිට නම් රජයේ බලධාරීන් වහා කලබල වනු ඇත. මේ අවුල ගැන ඉහළ පෙළේ පරීක්‌ෂණද කැඳවනු ඇත. සහජීවන අමාත්‍යාංශය හඬා වැටෙනු ඇත. නමුත් සිදුව ඇත්තේ කුමක්‌ද? වව්නියාවේදී තර්ජනයට ලක්‌වූයේ සිංහල සිසුන්ය. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් රැඟුම් පාන අන්තර් විශ්වවිද්‍යාල බල මණ්‌ඩලය මේ ගැන කියන්නේ කවරක්‌ද? වව්නියාව මණ්‌ඩපයේ සිද්ධියෙන් අපට වැටහෙන්නේ කුමක්‌ද? එහි අධ්‍යාපනය ලබන කවර ශිෂ්‍යයකු වේවා මහවිරු සැමරුමට සහභාගිවීම අනිවාර්ය බවද? මහවිරු සැමරුමට බලහත්කාරයෙන් සිංහල සිසුන් ඈ¹ ගැනීමට උත්සාහ කරන්නේ සමස්‌ත ජාතියටම නිග්‍රහ කිරීමට නොවේද? මේ උමතු නාසිවාදයට එරෙහිව නැගී සිටිය යුතුය. එසේ නොවන්නේනම් යළිත් උතුරු නැගෙනහිර විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ අයිතිය සිංහල සිසුන්ට නැතිවනු ඇත. මෙය බරපතළ තත්ත්වයකි. මහවිරු සැමරුමට පසුවද යළිත් තර්ජන එල්ල විය හැකිය. නමුත් සිංහල සිසුන් පීඩාවට පත්වෙද්දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කුමක්‌ කරන්නේද? ආරක්‌ෂක රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබුණේ උතුරේ ත්‍රස්‌ත සැමරුම් සිදුකළ පුද්ගලයන් පිළිබඳව පරීක්‌ෂණ පැවැත්වෙන බවයි. නමුත් දැන් සියලු උත්සව හමාර වූ පසු පරීක්‌ෂණ පැවැත්වීම විහිළු සහගතය. මේ ත්‍රස්‌ත සැමරුම් සිදුවෙද්දී රජය කටයුතු කළේ දීන භාවයෙනි. ඒ දීන භාවය නිසාම උතුරේ අධ්‍යාපනය ලබන සිංහල සිසුන්ද නිග්‍රහයට ලක්‌විය. ඔවුන් නිග්‍රහයට ලක්‌වන්නේ සංහිඳියාව නිසාද? ජාතිය නිග්‍රහයට ලක්‌කර සංහිඳියාව ජයග්‍ර්‍රහණය කළ යුතුද? යහපාලන රජයේ සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම තවදුරටත් අපහසු වන බව පැහැදිලි වන්නේ මේ ත්‍රස්‌ත සැමරුම් උතුරු නැගෙනහිර ඉතාම උත්සවශ්‍රීයෙන් පැවැත්වීම නිසාය. ප්‍රභාකරන්ට පහන් පත්තු කරමින් සංහිඳියාව පතුරවන්නේ කෙසේ දැයි අපට අවබෝධයක්‌ නැත. එදා පොංගු තමිල් උත්සව සඳහා සහභාගි වූ වර්තමාන සංහිඳියා ඇමැතිවරයාට මේ ගැන පිළිතුරු දිය හැකිද? ඔහු වව්නියාවේ සිද්ධිය සංහිඳියාවට පහරක්‌ බව ප්‍රකාශ කර තිබේ. කරුණු කාරණා සලකා බලනවිට මේ සංහිඳියාව ඉතා ඉක්‌මනින්ම කුඩුපට්‌ටම් වන බවට ලකුණු තිබේ.


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page