top of page

ලෝක ත්‍රස්‌තවාදීන් භාවිත කරන භයානක අවියක්‌ මෙරට මුස්‌ලිම් ව්‍යාපාරිකයෙක්‌ ගෙනවිත් තිබෙනවා - ගලගොඩඅත්

  • E.T.B media network unit
  • Nov 30, 2017
  • 1 min read

ලෝකයේ බිහිසුණු ත්‍රස්‌තවාදීන් භාවිතා කරන භයානක අවියක්‌ මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු විසින් මෙරටට ගෙනවිත් ඇති බව බොදු

බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අනාවරණය කළේය.

මෙය ජාතික ආරක්‍ෂාවට මෙන්ම නායකයන්ටද බරපතල තර්ජනයක්‌ බවත් උන්වහන්සේ කියා සිටියහ.

සම්සුඩීන් නැමැති මුස්‌ලිම් ව්‍යාපාරිකයා විසින් දෙදහස්‌ දහසය වසරේ ජුලි මස විසිපස්‌ වැනිදා මෙම අවිය මෙරටට රැගෙනවිත් ඇති බවත් ඒ සඳහා එවකට ආරක්‍ෂක ලේකම්වරයා අවසරදී ඇති බවත් පූජ්‍ය ඥනසාර හිමි කීහ.

හඬ නොනැඟෙන අයුරින් මෙම අවිය භාවිත කළ හැකි බවත් සඳහන් කළ උන්වහන්සේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන මෙවැනි අවි රට තුළට ගෙන්වීමට අවසර දී ඇත්තේ කිනම් පදනමකින්ද යන්න ප්‍රශ්න කර සිටියහ.

පුද්ගලික ආරක්‍ෂාවට යෑයි කියා මෙවැනි භයානක අවි ගෙන්වීම බරපතල තත්ත්වයක්‌ බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (29 දා) එම අදහස්‌ පළකළේ රාජගිරිය නාවල පාරේ පිහිටි ශ්‍රී සද්ධර්මරාජිත විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page