top of page

ප‍්‍රචණ්ඩ කැළඹිල්ල කොළඹට මුහුණලා.. රතු නිවේදන නිකුත් කෙරේ.. සජීවී චන්ද‍්‍රිකා දර්ශණ මෙන්න.

  • E.T.B media network unit
  • Nov 30, 2017
  • 1 min read

ශ‍්‍රී ලංකාවට බටහිර දිශාවෙන් වර්ධන වෙමින් ඇති පීඩන අවපාතය දැන් ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.

මේ වන විට එම අවපාතය ස්ථානගතවී තිබෙන්නේ කොළඹට කිලෝමීටර් 200 පමණ දුරකින් බස්නාහිර දිශාවෙන් යයිද ඔවුන් සදහන් කරයි.

අද පස්වරුව වෙද්දී එය තවත් වර්ධ

නය වෙමින් දකුණු ඉන්දියාව හරහා අරාබි මුහුදු කලාපයට ගමන් කරනු ඇති බවද දෙපාර්තමේන්තුව කියයි

.තෙසේ වෙතත් අද දිනයේද නිරිතදිග ප්‍රදේශයන්හි තද වැසි ඇති විය හැකි බවත් පැයට කිලෝමීටර් 60-70 වේගයෙන් යමා යන සුලං තත්වයක්ද ඇති වනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ රත්නපුර, මාතර, මහනුවර, ගාල්ල, මාතලේ, බදුල්ල, හම්බන්තොට, මොණරාගල යන දිස්ත‍්‍රික්යන්හි ඇතැම් ප‍්‍රදේශ සදහා නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

මේ අතර රත්නපුර හා බදුල්ල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම නිලධාරී් වසම් කිහිපයකට නාය යාම් සම්බන්ධයෙන් රතු නිවේදන නිකුත් කර ඇති අතර එම ප‍්‍රදේශවල ජනතාව හැකි ඉක්මනින් ඉවත් වන ලෙසද දන්වා සිටී.

එසේ දැනුම් දී ඇති ප‍්‍රදේශයන්හි ජනතාව නාය යාම් ලක්‍ෂණ දුටු වහාම එම ප‍්‍රදේශවලින් ඉවත් වන ලෙස ආපදා කලමණාකාරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page