top of page

හවුල් කතා නිමයි..මහින්දගේ පොහොට්ටුව පලමුවෙන්ම මැතිවරණයේ ඇප තැන්පත් කරයි.. 93 සඳහාම තරග කරයි..

  • E.T.B media network unit
  • Nov 27, 2017
  • 1 min read

මෙරට ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින්, එදා 1956 දී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් කල විප්ලවය සිහිපත් කරමින් අද 27 වෙනිදා ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කලේ ය.

ඒ මීට ස්වල්ප වෙලාවකට පෙර කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ය, ශ්‍රීලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇතුළු පක්ෂයේ නිලධාරින් විසින් එම ඇප මුදල් දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරි වෙත භාර දුන්නේ ය. ඒ එම දිස්ත්‍රික්යේ පැවත්වීමට නියමිත සභා 5 වෙනුවෙනි.

එනම්, පානදුර නගර සභාව,හොරණ නගර සභාව, බේරුවල නගර සභාව,බණ්ඩාරගම ප්‍රාදේශිය සභාව සහ.අගලවත්ත ප්‍රාදේශිය සභාව සඳහා ය.

මේ සඳහා පොදු විපක්ෂය නියෝජනය කරමින් පලාතේ දේශපාලන බලධාරීන් ඇතුළු ඉදිරි පලාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත් වන දිස්ත්‍රික් ප්‍රාදේශිය නායකයින් රැස්ක් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගි විය.

මෙම ඇප මුදල් තැන්පත් කිරිමට පෙර පිරිස කළුතර බෝ සමිදුන් ගේ ආශීර්වාදය ලබා ගත්තේය.

එමෙන්ම කළුතර ජුම්මා මුස්ලිම් පල්ලියටත් කතෝලික දේවස්ථානයට මෙන්ම හින්දු කෝවිලේ ද ආශීර්වාද පුජාවලට පිරිස සහභාගි විය.

මීට අමතරව අද දිනයේදී ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා වෙත සහ ගම්පහ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරියා වෙත ද ඇප මුදල් තැන්පත් කරනලදි

ඉදිරි දින කිහිපය තුල අනිකුත් දිස්ත්‍රික් 18 වෙනුවෙන් ද ඇප මුදල් තැන්පත් කිරිමට නියමිතය


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page