top of page

බලෙන් රූම් එක්ක යන්න හැදූ පෙම්වතා පදවමින් සිටි බයික් එකින් පැන්න පෙම්වතියට බරපතලයි

  • E.T.B media network unit
  • Nov 27, 2017
  • 1 min read

තමා සමග ප්‍රේමයෙන් වෙළී සිටි පෙම්වතා කාමරයකට යමු කියා නොහොබිනා යෝජනාවක් කළ අවස්ථාවේ එයට අකමැති වුවත් බලහත්කාරයෙන් එය සඳහා රැගෙන යමින් සිටියදී ජීවිතය ගැන ආශාව අතහැර ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයකින් පැන්න තරුණියක බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියක් ඊයේ අරණායක - ගල්බොක්ක ප්‍රදේශයෙන් වාර්තා විය. බරපතල තුවාල ලැබූ තරුණිය එම ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි අයෙකි. ඇයගේ මේ කියන පෙම්වතා වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකු වන අතර ඔහු සමඟ කාලයක් තිස්සේ

ප්‍රේම සම්බන්ධයක් පවත්වා තිබෙයි. ඊයේ (26) දහවල් ඔහු ඇය හමුවීමට කෑගල්ල නගරයට පැමිණ ඇත. එම අවස්ථාවේ ඔහු මුලින් යෝජනා කර ඇත්තේ නිදහස් තැනකට ගොස් කතාබහ කරමු කියාය. ඔහු ඉඟි කර ඇත්තේ නගරයේ පිහිටි උද්‍යානයකට යන බවකි. එයට එකඟවූ තරුණිය ඔහුගේ මෝටර් සයිකලයට නැගගෙන තිබෙන අවස්ථාවේ ඔහු සයිකලය පදවන්නේ නාඳුනන පැත්තකට බව තරුණියට ඉව වැටී ඒ ගැන විමසද්දී පවසා ඇත්තේ ‘පාක් එක වැඩක් නෑ අපි රූම් එකකට යමු මං දන්නව හොඳ තැනක්‘ කියාය. එම ගමන යාමට තරුණිය කැමතිවී නැත. ඇය දිගින් දිගටම එහි නොයන ලෙස පෙම්වතාගෙන් ඉල්ලා සිටියත් ඔහු ඇයට සැර කර කියා ඇත්තේ ‘ඔයා මොනව කිව්වත් වැඩක් නෑ. මං එතැන්නටම තමයි යන්නේ‘ ලෙසිනි. එම අවස්ථාවේ තරුණියට ඔහු බලහත්කාරකමක් සිදුකරන්නට දරන උත්සාහය ගැන ඉව වැටී කෑගසා ඇති නමුත් අවට සිටි අය ගමන් කරමින් තිබෙන බයිසිකලය ගැන අවධානය යොමු කර නැත. බැරිම තැන ඇය බයිසිකලය නවත්වන්නට ඔහුව තල්ලු කරමින් උත්සාහ කළත් එයද අපහසුවී ඇති අතර ඇය එක්වරම බයිසිකලයෙන් පැන තිබේ. ධාවනය වෙමින් පැවති මෝටර් සයිකලයෙන් වැටුණ ඇයට එම අවස්ථාවේ බරපතල තුවාල සිදුව ඇත.ඇයගේ පෙම්වතා පසුව අවට සිටි අයගේද උදව් ඇතිව ඇයව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.සිද්ධිය පිළිබඳව ලද පැමිණිල්ල මත සැකකරු සහ අදාළ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය කටයුතු කර තිබේ. සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (27) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page