Search
ප‍්‍රභාකරන්ට හැපි බර්ත් ඬේ කියා සිංහල සිසුනට බලෙන් කේක් කවයි.. යාපන සරසවියේ උණුසුම් තත්වයක්..
- E.T.B media network unit
- Nov 27, 2017
- 1 min read

යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.
ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ.
සිසුන් සිදුවීම පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්ත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කොට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටයි.
අදාල අවස්ථාවේ බලෙන් කේක් කැවීමේ දර්ශණ අන්තර්ජාල දමිල මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කර ඇතැයිද වාර්තා වෙයි.
ඇති වූ උණුසුම් වාතාවරණය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා දෙපාර්ශවය සමගම සාකච්ඡා කිරීමටද වව්නියාව මණ්ඩප පාලනාධිකරිය විසින් පියවර ගෙන ඇත.
Comments