top of page

මුස්‌ලිම් තරුණයෙක්‌ 'ආවා' කල්ලියේ

  • Writer: Admin
    Admin
  • Nov 26, 2017
  • 1 min read

යාපනයේ ක්‍රියාත්මක 'ආවා ගෲප්' කල්ලිය සමග සම්බන්ධකම් පවත්වමින් ඔවුන්ට සහාය දුන් මුස්‌ලිම් තරුණයකු 23 දා යාපනයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමත් සමගම එම කල්ලියේ අරමුණු කෙරෙහි පොලිසියේ විශේෂ අවධානය යොමු වී තිබේ. දැනට පොලිස්‌a අත්අඩංගුවේ සිටින "ආවා ගෲප්" කල්ලියේ නායකයාගෙන් පොලිසිය වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී වයස 22 ක්‌ වන යාපනයේ ඉක්‍රාම් නමින් හඳුන්වන මෙම තරුණයා පිළිබඳව පොලිසියට තොරතුරු ලැබී තිබේ. ආවා කල්ලියට සම්බන්ධ මුස්‌ලිම් තරුණයකු අත්අඩංගුවට ගත් මුල් අවස්‌ථාව මෙය බව හෙළිවී තිබේ. ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟම මුස්‌ලිම් දේශපාලනඥයන් කීප දෙනකුම පොලිසියේ ඉහළ නිලධාරීන්ට කතා කරමින් ඔහු නිදහස්‌ කර ගැනීමට 24 දා උදැසන සිට විශාල උත්සාහයක්‌ දරමින් සිටින බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය විසින් අධිකරණ නියෝගයක්‌ ලබාගෙන තිබේ. පොලිසියේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ "ආවා ගෲප්" කල්ලිය සමඟ සබඳකම් පැවැත්වූ එකම මුස්‌ලිම් තරුණයා මොහු පමණක්‌ ද ඔහුට අමතරව තවත් පිරිසක්‌ "ආවා ගෲප්" කල්ලියට සහාය ලබාදී ඇත්දැයි යන කාරණයත් මුස්‌ලිම් තරුණයෙකු මෙවැනි ව්‍යාපාරයකට සහාය පළ කළේ මන්දැයි යන කාරණයත් පිළිබඳවය. යාපනය පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනයක්‌ පවත්වාගෙන යයි.


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page