ගෙල වැලලාගන මියගියයැයි කුවෙිටයෙන් එවල ලද සිරැර අවයව ලබාගැනීමට ඝාතනය කරන ලද්දක්...
- Admin
- Nov 24, 2017
- 1 min read
කුවේට් රාජ්‍යයේදී ගෙල වැලලා ගෙන යයි එවන ලද මියගිය අයකුගේ සිරුර මාස 7 කට පමණ පසු ගොඩ ගෙන පරීක්‌ෂණ කිරීමේදී ශරීරයේ ඇතැම් කොටස් නොමැති බවත් දැනට ඉතිරි කොටස් රස පරීක්‌ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය බවත් පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත් වූ කෑගල්ල රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුමේෂ් අලගියවන්න මහතා සඳහන් කළේය. කුවේට් රටේදී මෙසේ ගෙල මිය ගොස් ඇත්තේ පිංදෙනිය පොලිස් වසමට අයත් හරිගල පදිංචිව සිටි ඉහළ විතානලාගේ උපාලි ඉලංගරත්න බණ්‌ඩාර (52) නමැති අයෙකි. කුවේට් රටේ සේවය කරමින් සිටියදී 2017 ජුනි මස 1 දා ගෙල වැලලා ගෙන මියගියයි මොහුගේ මෘතශරීරය මෙරටට ගෙන්වා වැළලීමෙන් පසු මියගිය අයගේ සොහොයුරා වන ඉහළ විතානලාගේ ලෙස්‌ලි වික්‍රමරත්න නමැති අය මෙම මරණය සැක සහිත බවත් එබැවින් පරීක්‌ෂණයක් පවත්වන ලෙසටත් ඉල්ලා කෑගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරන ලදී. එම නඩුව අනුව කෑගල්ල මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා මෘතශරීරය ගොඩ ගෙන පරීක්‌ෂා කිරීමට පිංදෙනිය පොලිසියට නියෝග කළේය. මෘතශරීරය පෙරේදා (22 වැනිදා) ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්‌ෂණය සඳහා කෑගල්ල රෝහල වෙත ගෙන යැමට කටයුතු කරන ලදී. සිරුර ගොඩගැනීමේ අවස්‌ථාවට කෑගල්ල මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ සහ අධිකරණ විශේෂඥ වෛද්‍ය රුමේෂ් අලගියවන්න යන මහත්වරුද සහභාගි වූ අතර එම මරණය ශරීර කොටස් ලබාගැනීමට ඝාතනය කර අැත්දැයි සැකයක් මතුව අැත පින්දෙනිය පොලිසියේ පොලිස් පරීක්‌ෂක තෙන්නකෝන් හා සුසිල් ප්‍රේමරත්න මහත්වරුද එම අවස්‌ථාවට සහභාගි වූහ.
Comments