top of page

කොටි සැමරැමි සහ යහපාලනයේ නිරැවත

  • Writer: Admin
    Admin
  • Nov 24, 2017
  • 2 min read

ත්‍රස්‌ත සැමරුම් යළිත් ආරම්භ වී තිබේ. කිළිනොච්චියේ කනකපුරම් හි ඩෝසර් කරනු ලැබූ කොටි සොහොනක සුන්බුන් යළි එකතු කොට කඳු ගසා මහවිරු සැමරුමකට සැරසෙන අයුරු පිළිබඳව විවිධ වෙබ් අඩවි මගින් පුවත් පළ කර තිබිණි. මහවිරු සමරුව සම්බන්ධව රජය නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන්නේද? නිහඬ පිළිවෙත අනුගමනය කරන්නේ සංහිඳියාව නිසාද? සංහිඳියාව නිසා සිංහ කොඩිය ද නිග්‍රහයට ලක්‌වන තත්ත්වයකට පත්ව නැද්ද? දහස්‌ ගණනකට මරු කැඳවූ කොටි ත්‍රස්‌තවාදීන් සැමරුමට ඉඩ දී බකන්නිලාගෙන සිටීමට ආණ්‌ඩුවට හැකිද? නිව්යෝර්ක්‌ හි විනාශ වූ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානය පාමුල බින්ලාඩන් සැමරීමට ඇමරිකානු රජය කිසිසේත් ඉඩදෙයිද? එහෙත් දහස්‌ ගණනක්‌ සෙබළුන් මියඇදුණු කිළිනොච්චියේ යළිත් කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමරමින් පහන් පත්තුවේ. මේ පහන් දල්වන්නේ මියගිය අය සැමරීමට පමණක්‌ද? නැත. යළිත් ත්‍රස්‌ත අරමුණු මුදුන් පත් කරලීම සඳහා ය. මියගිය කොටි අවතාරවලට යළි පණදීම සඳහාය. මහවිරු සැමරුම වඩා භයානක වන්නේ මියගිය කොටින් නැවත පිබිදීම වෙනුවෙන් සිදුවන කුමන්ත්‍රණ නිසාය. මේ කුමන්ත්‍රණ ගැන බුද්ධි අංශ අවබෝධයෙන් සිටීද? යාපනය විශ්වවිද්‍යාලයේ ද දැන් වඩා උනන්දුවෙන් කොටි සැමරුම් සිදුවේ. පසුගිය වසර කිහිපයක්‌ පුරාම යාපනය විශ්වවිද්‍යාල සිසුන් දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වූයේ නැත. නමුත් දැන් කොටි සැමරුම් වෙනුවෙන් විශේෂ කුටි ද ඉදිකර ඇත. මෙයින් ප්‍රකාශ වන්නේ කවරක්‌ද? යාපනය විශ්වවිද්‍යාලයෙන් යළිත් තිලීපන්ලා බිහිවන බව ද? විශ්වවිද්‍යාල සිසුන්ට දේශපාලනය කිරීමට අයිතියක්‌ ඇත. ඒ ගැන කිසිදුÊතර්කයක්‌ නැත. නමුත් මේ පිරිසට ත්‍රස්‌තයන් සැමරීමට අයිතියක්‌ නැත. යාපන විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා භූමියට අයත් වන ප්‍රදේශයකි. එය අයත් වන්නේ තමිල්නාඩුවට නොවේ. එසේ නම් යාපනය විශ්වවිද්‍යාලයේ වේගයෙන් පැතිර යන කොටි හිතවාදී ක්‍රියාකාරකම් ගැන බලධාරීන් අවදියෙන් සිටීද? මහා වීර දිනය ශුද්ධ වූ දිනයක්‌ ලෙස සලකන්නැයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත. රටම විනාශ කළ ත්‍රස්‌ත නායකයාගේ උපන් දිනය ශුද්ධ වූ දිනයක්‌ වන්නේ කෙසේද? මෙය අශුද්ධ වූ දිනයකි. ශුද්ධ වූ දිනයක සැමරිය යුත්තේ ලොවට යහපත උදා කළවුන් ගැනය. ශුද්ධ වූ දිනයක සැමරිය යුත්තේ යක්‍ෂයන් පිශාචයන් ගැන ද? එතැනදී ශාන්තුවරයන් සමරන්නේ කෙසේද? මීට වසර නවයකට පෙරදී රටේ තිබුණු බිහිසුණු තත්ත්වය ජනතාවට අමතක වී ඇත්ද? යළිත් ඒ ත්‍රස්‌ත භීතියට මුහුණ දිය හැකිද? කිසිසේත් නැත. එම භීතිය පරාජය කළ යුතු නිසාම මේ ඊනියා මහවිරු සැමරුම් පරාජය කළ යුතුය. රටපුරාම මහවිරු සුසාන භූමි එළිපෙහෙළි කරද්දී රජය නිහඬව සිටින්නේ කවර හේතුවකටද? බකන්නිලාගෙන සිටීම ජාතික ආරක්‍ෂාවට යහපතක්‌ද? මෙය බරපතළ තත්ත්වයකි. ත්‍රස්‌ත සැමරුම් වහාම තහනම් කළ යුතුය. එය සංහිඳියාවට බලපාන්නක්‌ නොවේ.


 
 
 

コメント


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page