top of page

ඒකාබද්ධයෙන් ජවිපෙන් ෆයිසර්ට විශ්වාසභංග ; 'ඇමැති ධුරයෙන් යන්න' එජාප පසුපෙළත් ඉල්ලයි

  • E.T.B media network unit
  • Nov 24, 2017
  • 3 min read

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති නොහැකියාව ඇතුළු චෝදනා කිහිපයක්‌ සඳහන් කරමින් ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ (23 වැනිදා) පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිව කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක්‌ භාරදුන් අතර ජනතා විමුක්‌ති පෙරමුණද අද (24 වැනිදා) විශ්වාසභංග යෝජනාවක්‌ භාරදෙන බව එහි නායක සහ විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුද ෆයිසර් මුස්‌තාපා ඇමැතිවරයාට සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන ලෙස ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පවත්වමින් ඉල්ලා සිටියහ. පළාත් පාලන විෂය භාර ඇමැතිවරයා විසින් පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමට අපොහොසත්වීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්‌ එල්ල කර ඇති නිසා ඇමැතිවරයා කෙරෙහි තවදුරටත් විශ්වාසයක්‌ තැබිය නොහැකි බවද ඒ නිසා ඔහු ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවටද ඒකාබද්ධ විපක්‌ෂය කථානායකවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාවේ සඳහන් වේ. ෆයිසර් මුස්‌තාපා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත. දිනේෂ් ගුණවර්ධන, චමල් රාජපක්‌ෂ, බන්දුල ගුණවර්ධන, රංජිත් ද සොයිසා, රොෂාන් රණසිංහ, විමලවීර දිසානායක, පද්ම උදයශාන්ත, උදය ගම්මන්පිල, ජානක වක්‌කුඹුර, විජිත බේරුගොඩ, මහින්ද යාපා අබේවර්ධන, දිලුම් අමුණුගම සහ සිසිර ජයකොඩි යන මන්ත්‍රීවරුන් එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇත. විෂය භාර ඇමැතිවරයාට පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට්‌ පත්‍රය නිසි ලෙස සකස්‌ කිරීමට නොහැකි වී ඇති බවත්, ඔහු සිය වගකීම පැහැර හැර ඇති බවත් ඒ නිසා ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා කෙරෙහි විශ්වාසයක්‌ නැති බවත් පවසමින් ජනතා විමුක්‌ති පෙරමුණ විසින් අද විශ්වාසභංග යෝජනාව භාරදෙන බව අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ද ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත් වූ අතර µයිසර් මුස්‌තාපා ඇමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන්ද පක්‌ෂ වන බව එම මන්ත්‍රීවරු එහිදී පවසා සිටියහ. පුත්තලම දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ගම් මට්‌ටමේ ජනතාවත් සමඟ ජීවත් වන පිරිසක්‌. රටේ තියෙන ප්‍රාථමික ආයතනය තමයි ප්‍රාදේශීය සභාව. පුංචි ආණ්‌ඩුවේ බලය සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ගෙන යැම සඳහා අත්‍යවශ්‍ය සාධකයක්‌. මේ මැතිවරණය දීර්ඝ කාලයක සිට නොපැවැත්වීම සමස්‌ත ජනතාවටම ගැටලුවක්‌. දේශපාලනයේ නිරත අපටත් එය ගැටලුවක්‌. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයාගේ කාලේ බැසිල් රාජපක්‌ෂ විසින් සීමා නිර්ණය අනාථ කරලා තිබුණේ. ඒ නිසා තමයි එම සීමා නිර්ණය අහෝසි කරලා වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අලුතින් සීමා නිර්ණය කළේ. මේ සීමා නිර්ණ ගැසට්‌ පත්‍රය හිතාමතා වැරදි සහගත ලෙස සකස්‌ කළාද යන සැකය අපට තිබෙනවා. අපි මෙහිදී ඇඟිල්ල දිගු කරන්නේ පළාත් පාලන ඇමැතිවරයාටයි. අපි මෙහිදී යෝජනා දෙකක්‌ ඉදිරිපත් කරනවා. පළමුවැන්න තමයි යම් නිශ්චිත තෝරා ගත් පළාත් පාලන ආයතන කිහිපයකට සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් නඩු පවරා වාරණයක්‌ ලබා ගෙන ඇත්නම් ඒවා එලෙසම තබලා අනෙක්‌ පළාත් පාලන ආයතනවල ඡන්දය පවත්වන්න. එහෙමත් බැරි නම් පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ගෙනැවිත් මේ නව පළාත් පාලන ආයතන පනත බල රහිත කරලා තිබූ පැරැණි පනත යළි ක්‍රියාත්මක කර පැරැණි ක්‍රමයට ඡන්දය පවත්වන්න. මන්ත්‍රීවරුන් ලෙස අද අපට ප්‍රශ්නයක්‌ වී තිබෙනවා ප්‍රාදේශීය සංවර්ධනය නතර වීම. බාලගිරියා කවුද කියා දැන් අපි දන්නවා කුරුණෑගල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අපි බලාපොරොත්තු වුණා ජනාධිපතිවරණය අවසන් වූ සැණින් මහ මැතිවරණය. ඒත් දින සීයේ වැඩපිළිවෙළ නිසා එය පස්‌සට ගියා. මහ මැතිවරණය ඉවර වූ සැණින් අප පළාත් පාලන මැතිවරණය බලාපොරොත්තු වුණා. ඒත් ඒක බාලගිරි දොaෂයට ලක්‌ වුණා. කවුද මේ බාලගිරියා. දැන් අපිට පැහැදිලියි මේ බාලගිරියා කවුද කියලා. පරණ ක්‍රමයට ඡන්දය තියන්න. අලුත් ක්‍රමයට ඕනේ නම් තව අවුරුදු හතරකින් අලුත් ක්‍රමයට ඡන්දය පවත්වන්න. බදුල්ල දිස්‌ත්‍රික්‌ (එජාප) මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා අපි ජනාධිපතිතුමාට කියනවා නිවැරදි තීන්දුවක්‌ ගන්න. එතුමාගේ ආගමනය සිහි බුද්ධියෙන් තබා ගන්න. එකතු වෙලා හෝ වෙන් වෙලා හෝ මේ රටට යහපාලනය ගෙන එන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියා අපි කියනවා. එසේ නොවේ නම් රට යහමඟට ගත හැකි වැඩපිළිවෙළ මේ පසුපෙළ මන්ත්‍රීවරුන් ක්‍රියාවට නංවනවා. ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, සිඩ්නි ජයරත්න යන මහත්වරුද මෙම අවස්‌ථාවේදී අදහස්‌ පළ කළහ.


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page