උතුරේ මහ ඇමැති අන්තවාදියෙක්; ඉරට්‌ටකුලම් ඉස්‌කෝලේ ළමයින්ට වැසිකිළි යන්න වතුර ටිකක් ගන්න දෙන්නේ නෑ
- E.T.B media network unit
- Nov 22, 2017
- 1 min read
උතුරේ මහ ඇමැති අන්තවාදියෙක්. ඉරට්‌ටකුලම් සිංහල ඉස්‌කෝලෙ ළමයින්ට වැසිකිළි යන්නවත් විග්නේෂ්වරන් වතුර ටිකක් ගන්න දෙන්නේ නැත. වතුර ගෙනෙන්නේ අපි ගෙදරින් කියලා. ඒ ළමයි මට කිව්වා..." පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාතලේ දී පැවසීය. මිනීමරු වේලුපිල්ලේ ප්‍රභාකරන්ටත් වඩා සම්බන්ධන්ට බිය විය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා යෝජිත ව්‍යවස්‌ථාවට ජනමත විචාරණයක් ආවොත් අපේ රටේ යළිත් ලාම්පු කළගෙඩි සෙල්ලම රඟ දැක්‌වෙන බව සඳහන් කළේය. ලාම්පුවට ඡන්ද වැඩියෙන් වැටුණොත් රට කෑලි කෑලිවලට කැඩීයැමේ අනතුරද ඔහු පැහැදිලි කළේය. යෝජිත ව්‍යවස්‌ථාව සහ රටේ අනාගතය මැයෙන් හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ පැවති ජනහමුවකදී මේ බව පැවසූ මන්ත්‍රීවරයා යෝජිත ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වුණොත් සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව අතර මාතලේ අද පවතින සංහිඳියාව අනිවාර්යෙන්ම නැතිවන බව පැවසීය. මේ තත්ත්වය මුළු රටටම පොදු බව පැවසූ මන්ත්‍රීවරයා ස්‌පාඤ්ඤයේ ජනතාව පසුගිය දිනවල මුහුණ දුන් අමිහිරි අත්දැකීම්වලට සමාන අත්දැකීම්වලට ලංකාවේ ජනතාවටත් මුහුණ දෙන්න සිදුවන බව අවධාරණය කළේය. "ඔරුමිත්තනාඩු..." යන දෙමළ වචනවල අර්ථය එකට එකතු කළ රට බව පැවසූ මන්ත්‍රීවරයා ඇමරිකාව රටවල් 50 ක් එකතු කර හැදූ බව පැවසීය. පෙඩරල් බලය දුන්නොත් ඒ බලය යළි පවරාගත හැක්‌කේ ඔවුන් කැමැති නම් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා එම බලය ආපසු ගැනීමේ බලය පාර්ලිමේන්තුවට නැති බව පැහැදිලි කළේය. යෝජිත ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වුවහොත් නෝර්වේ රජයට ප්‍රසිද්ධියේම අවි ආයුධ අපේ රටට දිය හැකි බව පැවසූ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම උතුරේ පොලිසිත් නීත්‍යනුකූල වීමේ අවදානම පැහැදිලි කළේය.
Comments