top of page

ගාල්ල ගිංතොට ගැටුම ඇතිකර ඇත්තේ එජාප මන්ත‍්‍රී කෙනෙක්.. සියල්ල හෙලි වේ.

  • E.T.B media network unit
  • Nov 21, 2017
  • 1 min read

පසුගියදා ගාල්ල ගිංතොට ඇති වූ ගැටුම්කාරී සිද්ධිය ඇති කර ඇත්තේ පෝද්දල බෝපේ ප්‍රාදේශීයසභාවේ හිටපු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිවරයකු යයි හෙලිව ඇත.

දකුනේ උසස් පොලිස් නිලධාරියෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා සභාපති ධුරය සදහා තරග වැදීමට අදාල මන්ත‍්‍රීවරයා අපේක්‍ෂාවෙන් සිටි බවයි.

මෙම ගැටුම්කාරී තත්වය නිර්මාණය කර ඇත්තේ රිය අනතුරක් මූලික කරගනිමින් සිය ආධාරකරුවන් හරහා බවද හෙලිව ඇත.

ගිංතොට නිවාස හා වෙළදසැල්වලට ඉකුත් 16-17 දෙදින තුලදී පහර දීම සදහා මෙම පුද්ගලයා සෘජුව සම්බන්ධ වී ඇතැයිද තොරතුරු තිබූ හෙයින් මේ වන විට ඔහු අත්අඩංගුවට ගත් බවද එම පොලිස් නිලධාරියා කියයි.

මොහොමඩ් කීයාස් නම් හිටපු එජාප මන්ත‍්‍රීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


 
 
 

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page