top of page

යාපනයේ සාමාන්‍ය ජනතාව බිය වද්දන සියලුම කල්ලි අත්අඩංගුවට ගන්න - මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්

  • E.T.B media network unit
  • Nov 18, 2017
  • 1 min read

යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියලුම කල්ලි ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා යාපනයේ පොලිස්‌ ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට 16 දා සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. ඉලන්චෙලියන් මහතාගේ ආරාධනයකට අනුව උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම් නාගරත්නම් නිශාන්තන්, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කීප දෙනකුම සහභාගි වී තිබේ. මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඇප ලබාදීමට පොලිසිය මැදිහත් නොවන ලෙසයි. යාපනයේ සාමාන්‍ය ජනජීවිතයට හානි පමුණුවන හා ඊට බාධා කරන මෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක්‌ කොට ඇති ඉලන්චෙලියන් විනිසුරුවරයා පසුගිය දින කීපයේම යාපනයේ විවිධ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවලට සහභාගි වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් වාර කීපයක්‌ම පොලිසියෙන් ඉල්ලා තිබේ. යාපනයේ වැසියන්ට මේ අවස්‌ථාවෙදී සාධාරණ සමාජයක ජීවත්වීමේ අවශ්‍යතාවක්‌ ඇති බව සියලු දෙනාම පිළිගත යුතු කාරණයක්‌ බවත් ඊට හානි පමුණුවන පිරිස්‌වලට නිදහසේ සැඟවී ජීවත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.


 
 
 

Comentários


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page