අතිගරැ ජනිධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට සුභ උපන්දිනයක් වෙිවා!!!!
- E.T.B media network unit
- Nov 18, 2017
- 3 min read

අද දිනට (18 වැනිදාට) යෙදෙන මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙනි සමහරුන්ට නායකත්වය උපතින්ම උරුම වේ. සමහරෙක් එය උත්සාහයෙන් හා දක්‍ෂතාවයෙන් ලබාගනී. ඇතමකුට එය වෙනත් අය විසින් විවිධ ප්‍රයෝගයන් සිදුකොට ලබා දේ. කෙනකු නායකත්වය ලද පමණින් සාර්ථක නායකයෙක් වන්නේ ද නැත. එසේම නායකත්වය දැරූ සියල්ලෝ ම අමරණීයත්වයට හෝ ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ද නැත. නායකයා යනු පසුපසින් යන්නෙක් නොව ඉදිරිපසින් යන්නෙකි. යහපත් ප්‍රතිපදාවක පිහිටා පසුපසින් එන්නන්ට ආදර්ශයක් වෙමින් ඉදිරියට යන්නෙකි. නායකයෙක් නොමැති විට ද නායකයන් වැඩි වූ විට ද ඕනෑම ස්‌ථානයක පරිහානියේ දොරටු විවර වනු ඇත. එහෙයින් නායකත්වයේ සිටින්නෝ ද මත්තෙහි නායකත්වය බලාපොරොත්තු වන්නෝ ද 'නායකත්වය' නිවැරැදිව අවබෝධ කර ගත යුතු ය. ලොව පරිපූර්ණ අසහාය වූ අසමසම නායකයාණෝ ලොව්තුරා බුදුරජාණෝ ය. ඉන් මෙපිට සිටින්නෝ සර්ව සම්පූර්ණ නොවුන ද ඒ අයගෙන් ද උගත හැකි පාඩම් තිබේ. ප්‍රතිපක්‍ෂ නායකයා තුළ වුව තිබෙන උත්කෘෂ්ට ගුණාංග උකහා ගැනීමටත්, තම පස සිටින නායකයන්ගේ වුව දුර්වලතා හැරපියා දැමීමට තරම් බුද්ධිමත් විය යුතුය. රුහුණු මාගම ගිරුවාපත්තුවෙන් අප රට බිහි කළ දේශපාලන නායකත්වය ද නායකත්වයේ ගුණාංග රැසකින් යුක්‌ත ය. මෙරට සිංහල, දෙමළ, මුස්‌ලිම්, මැලේ, බර්ගර් මෙන් ම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් ආදී සෑම ජන සමාජයක් ම භීතියට හා ත්‍රාසයට පත් කළ තිස් වසරක කුරිරු යුද්ධය නිමා කිරීමේ දී මැදමුලනෙන් අභීත නායකත්වයක් ලබා දුන් බව නොරහසකි. එහි ප්‍රමුඛයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රීමතාණන් ය. දශක හතරකටත් වඩා වැඩි කාලයක් සමීපයෙන් ආශ්‍රය කරන්නකු ලෙස ඔහුගේ ළ`ග ඇති නායකත්වයේ උදාර ගති සේ ම යම් යම් දුර්වලතා පිළිබඳව ද අවබෝධයක් මට ඇත. දුර්වලතාවයක් දුටු විට ඒවා එවෙලේ ම පෙන්වා දෙන අතර, එසේ පෙන්වා දුන් අඩුපාඩුකම් සකස් කර ගත් අවස්‌ථා ද ඇත. අඩුපාඩු පෙන්වූ විට සකස් කර ගැනීම ද හො`ද නායකත්ව ලක්‍ෂණයකි. මහින්ද රාජපක්‍ෂ මැතිඳුන් වෙතින් මා දුටු උදාරම ගුණය නම් දේශපාලනිකව පළිගැනීමෙන් ඈත් වීම යි. ඔහු රාජ්‍ය නායකත්වය ඉසිලූ වර්ෂ අටක කාලය තුළ තිස් වසරක යුද්ධය ද නිමා කොට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණු වන රට බවට පත් කිරීමට ඔහුට හැකි වූයේ පළිගැනීමෙන් තොරව පිළිගැනීමේ ප්‍රතිපත්තියෙන් ක්‍රියා කිරීම හේතුවෙනි. දේශපාලනික වශයෙන් පළිගැනීම තරම් අමනෝඥ ක්‍රියාවක් තවත් නැත. ලක් දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බව සියල්ලෝ ම දනිති. එක් මැතිවරණයක මිතුරා හෝ සතුරා ඊළඟ මැතිවරණයේ දී සතුරා හෝ මිතුරා වීම මෙරට දේශපාලනයේ සුලභ දසුනකි. මෙය හොඳින් වටහාගත් ඔහු මැතිවරණ වේදිකාවේ දී නැඟෙන දොස් පරොස් පසෙක ලා මිත්‍රත්වයේ දෑත දිගු කොට තමා දෙසට අවනත කර ගැනීමට තරම් අපූරු සමත්කමක් ඔහු විසින් ඇති කරගෙන තිබුණි. 2005 ජනාධිපතිවරණයට පෙර ඔහුව නිර්දය ලෙස විවේචනය කළ අය පසුව ඔහුගේ කැබිනෙට්‌ටුවේ අසුන් ගෙන රටේ ප්‍රගමනයට එකතු වූ බව දේශපාලන සබුද්ධිකයෝ දනිති. විදෙස් මුදල් නෝට්‌ටු මතින් යෑපෙන පරගැති, පරපුටුවෝ සොඳුරු වදන් තෙපලමින් සිදු කරනුයේ zබළලූන් ලවා කොස් ඇට බෑමක්Z බව වටහා ගෙන නිවැරැදි තීරණයට බැස ගැනීම දේශපාලන නායකයන්ගේ ඉදිරි පැවැත්මට යහපත් වනු ඇත. වරදක් කළ අයෙකුට දඬුවම් දීමේ කිසිදු වරදක් නොමැති අතර, එය රටේ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී අධිකරණයෙන් ද, ජනතා අධිකරණයෙන් ද ධර්මාධිකරණයෙන් ද වරදකරු වූ වැරදිකරුවන්ට ම විය යුතුය. බොහෝ දේශපාලනඥයන් බලයට පැමිණීමට ඉනිමඟක් ලෙස භාවිත කරන බෞද්ධාගම, පන්සල, ගැමිකම, ගොවිකම හා ජාතිකත්වය ජයග්‍රහණයෙන් පසු අමතක කිරීම සාමාන්‍යකරණයක් කර ගෙන ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා බෞද්ධ අනුගාමිකයකු ලෙස විධායක බලයට පත්වීමට පෙරත් බලයට පත් වූ පසුවත් බලය නැති වූ විටත් පන්සල හා භික්‍ෂු සංඝයා අමතක නොකළ හා නොකරන අයෙකි. ලංකාවේ පමණක් නොව විදෙස් රටකට ගිය ද එහි පන්සලකට ගොඩ වැදී භික්‍ෂූන් හා එරට වෙසෙන ලාංකිකයන් සමඟ දොඩමළු වීමට අමතක නොකරන ගතිය ඔහු පුරුද්දක් කර ගෙන ඇත. රටක නායකයා ප්‍රියමනාප අයෙක් වූ විට, ආරෝහ පරිනාහ දේහ සම්පත්තියෙන් යුක්‌ත වූ විට හා එඩිතර ගතියෙන් යුක්‌ත වූ විට ඔහු අන්‍යයන් අතර විශේෂිත පුද්ගලයෙක් වීම නොවැළැක්‌විය හැක. මේ ගති ලක්‍ෂණ ඔහුට සහජයෙන්, පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් හා වාසනා ගුණයෙන් ම ලැබී ඇත. තැනකට ඔහු ගිය විට එහි මූලිකත්වය ඔහුට නිතැතින් ම හිමි වේ. ඔහු පළඳින කුරහන් පැහැ සාටකය ද සාඩම්බර ගතිය තීව්‍ර වීමට ඉවහල් වී ඇත. දේහ සම්පත්තියට වාගාඩම්බරය ද එක් කර ගැනීමට ඔහු සමත් විය. ජනපති පුටුවේ අසුන් ගන්නා විට දෙමළ භාෂාව කථනය කිරීමේ හැකියාවක් ඔහු සතුව නොතිබුණි. සිංහල හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ නායකයා ලෙස තමා තුළ නොතිබූ එහෙත් අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු වූ දෙමළ භාෂා කථනය ද ඔහු පුරුදු කළේය. ලංකාවේ දී පමණක් නොව එක්‌සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ද දෙමළ භාෂාවෙන් ඔහු කතා කළේය. නවීන උපකරණ භාවිත කොට දෙමළ භාෂාව කථනයට රුකුලක් ලබාගත්තේ යෑයි කෙනකුට කිව හැක. එහෙත් ඔහු කළ එම ක්‍රියාව නායකත්වය සතු තිබිය යුතු ගුණාංගයක් බව අප පිළිගත යුතුය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමන්ට අනන්ත ගුණ ඇති තුණුරුවනේ ආශිර්වාදයෙන් තවත් චිරාත් කාලයක් සුවෙන් කල් ගෙවන්නට හා රටට අවැසි නායකත්වදර්ශය ලබාදෙන්නට ශක්‌තිය, දිරිය හා වාසනාව ලැබේවායි ආශිංසන කරමි. අතිගරැ ජනාධිපතිතුමනි ඔබතුමන්ට සුභ උපන්දිනයක් වෙිවා!! දීඝායු වෙිවා....E.T.B media network unit
Comments