top of page

ඡන්දය කල් දාන්න පෙත්සම් ගොනු කළේ ආණ්ඩුවේ ආධාරකරුවන්

  • E.T.B media network unit
  • Nov 17, 2017
  • 1 min read

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පෙත්සම් ඉදිරිපත් කර ඇති පිරිස ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ ආධාරකරුවන් පිරිසක් වන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.

ඊයේ(16) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

මේ නඩුවෙන් ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව නඩුව පවරවන්නේ තාත්තාගේ සංමාගමේ නීතිඥයෙක් වන බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

අජිත් පෙරේරා ඒකාබද්ධය ඡන්දය කල් දැමීමේ උත්සහයක් ගන්නා බව පැවසුව ද මේ සියලු දෙනාම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බවත්, අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශවල මෑත කාලයේ රැකියාවට ගිය පුද්ගලයින් බව ද කියා සිටියේය.

මේ අතර ලක්ෂමන් කිරිඇල්ල මහතා ද මෙම පෙත්සම් ගොනු කිරීම සම්බන්ධයෙන් සැක කරන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.E.T.B media network unit

Comments


Also Featured In

    Like what you read? Donate now and help me provide fresh news and analysis for my readers   

Donate with PayPal

© 2023 by "This Just In". Proudly created with Wix.com

bottom of page